බිහිසුණු අනතුරක් – අයෙක් මරුට – 28ක් රෝහලේ (Photos)

බිහිසුණු අනතුරක් – අයෙක් මරුට – 28ක් රෝහලේ (Photos)

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේදී ලොරි රථයක් බස් රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම අනතුරින් 28 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

තුවාල ලැබුවන් හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ සිට හලාවත බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.