ජනපති සටනට මම එන් නෑ – මහින්ද ස්ථාවරම කියයි

ජනපති සටනට මම එන් නෑ – මහින්ද ස්ථාවරම කියයි

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස තවම සාකච්ඡා කර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඒ සඳහා තවත් කාලය ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිසා ඔහුට ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කළ හැකි බව ද, තමන් ඉදිරිපත් වීමට අදහසක් නොමැති බව ද මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

එසේම සන්ධානගතවීමක් සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇද්දැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසූ පැනයට පිළිතුරු ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ, ඔවුන් අනිවාර්යෙන්ම සන්ධානගත වන බවයි.

COMMENTS