ජනාධිපතිවරණය කල් දමන්නයි ඉල්ලා ගොනු කළ පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් තුනක්

ජනාධිපතිවරණය කල් දමන්නයි ඉල්ලා ගොනු කළ පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් තුනක්

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපනයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා ඉදිරිපත් වූ මූලික අයිතිවාසකම් පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් තුනක් ගොනු කෙරුණා.

සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය ද ඒ අතර වනවා.

ව්‍යාපාරිකයෙකු වන සී.ඩී. ලෙනව යන අය ඉදිරිපත් කළ මෙම පෙත්සමට එරෙහිව අද දිනයේදී අතමැදි පෙත්සම් තුනක් ගොනු කෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේයි.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතායි එක් පෙත්සමක් ගොනු කළේ.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා ද තවත් පෙත්සමක් ගොනුකළා.

අනෙක් පෙත්සම ගොනු කර ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු වසන්ත මුදලිගේයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ ලෙනව යන අය ගොනු කළ පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙසයි.

අදාළ පෙත්සම සළකා බැලීම සදහා ලබන 08 වනදා කැදවීමට නියමිතයි.

පෙත්සම විභාගය සදහා අගවිනිසුරුවරයා විසින් ඔහු ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඊයේ දිනයේදී නම්කරනු ලැබුවා.

COMMENTS