T20 ලෝක ශූරයින්ට කෝටි 125 ක්

මෙවර ලෝක ශූරතාව දිනූ ඉන්දීය කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 125ක මුදලක් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා.
ඒ අනුව ඊට අදාළ චෙක් පත ඊයේ පිරිනමනු ලැබු බවයි ක්‍රිඩා වාර්ථා සඳහන් කළේ.
අනතුරුව ලෝක ශූර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ මැදියම් රැය වන තුරු විශේෂ විවෘත බස් රථයකින් මුම්බායිහි විථී පුරා ගමන් කර තිබුණා.
මෙහිදී ඔවුන්ට ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.
වසර 17කට පසු පන්දුවාර 20 ලෝක ශූරයින් ලෙස අභිෂේක ලද ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ යළි සිය මව්බිමට පැමිණි අතර එහිදී ඉන්දීය ක්‍රීඩකයින් පිළිගැනීමට සහ ගෞරවය දැක්වීමට උත්සව කිහිපයක්ම සංවිධාන කර තිබුණා.
එහිදී ලෝක ශූරයින් පිළිගැනීමේ ප්‍රධාන උත්සවය සංවිධාන කර තිබුණේ මුම්බායිහි සුප්‍රකට වංකඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

