දයාසිරි ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙස වැඩ භාර ගනී

දයාසිරි ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙස වැඩ භාර ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙස පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගෙන තිබෙනවා. පක්ෂ මූලස්ථානය දොරගුළු දමා ඇති බැවින් මෙසේ ඔහු පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පක්ෂ මහලේකම් ධූරයේ වැඩ භාරගැනීම සඳහා ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයට පැමිණ තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් හා එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එහි හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් ගෙන තිබූ තීරණය වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පෙරේදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

එම, අධිකරණ නියෝගය නිකුත් කර පැය 24ක් යන්නටත් මත්තෙන් නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගත්තා. ඒ, පක්ෂ ව්‍යවස්ථාව උල්ලඝනය කරමින් වෙනත් දේශපාලන සන්ධානයක නායකත්වය දරණ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට චෝදනා කරමින්.

COMMENTS