අද සිට දින 17ක් කතරගම බාර් වැසෙයි

රුහුණු කතරගම දේවලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන්, කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියළුම මත්පැන් අලෙවිසැල් දින 17ක් වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව අද (06) සිට ජූලි මස 22වනදා දක්වා සියළු මත්පැන් අලෙවිසැල් වසා තැබෙනවා.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය අද (06) දිනෙන් ආරම්භ වෙනවා.


