කළුගල් ලොරියක් ඇළකට පෙරළෙයි

පාදුක්ක මීපේ සිට කොළඹ වරාය බලා කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හංවැල්ල, ඇඹුල්ගම මංසන්ධිය ආසන්නයේ දී කැළණි ගඟේ අතු ඇළකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එහිදි හංවැල්ල පොලිසිය සඳහන් කළේ එම ඇළට ඉහළින් ඉදිකර තිබූ ආරක්ෂිත ඇඳි වැටද කඩා ගෙන මෙම ටිපර් රථය පෙරලී අද (06) මෙම අනතුර සිදු වූ බවයි.
මෙම අනතුර නිසාවෙන් කොළඹ – අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගය හංගල්ල, ඇඹුල්ගම මංසන්ධියෙන් පැයකට වැඩි කාලයක් වසා දැමීමටද සිදුවූ බව පොලිසිය සඳහන් කළා.
අනතුරින් ටිපර් රථය ධාවනය කළ රියදුරාට කිසිදු හානියක් සිදුව නැති අතර, අනතුරට හේතුව රථය පාලනය කර ගැනීමට නොහැකි වීම බවයි පොලිසිය සඳහන් කළේ.

