පාසල් සිසුවියන්ට ලබාදෙන සනීපාරක්ෂක තුවා තිලිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

2024 වර්ෂයේ පාසල් සිසුවියන් වෙත සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර (ඒ-කොටස) ජූලි 10 දිනෙන් අවසන් වීමට නියමිතයි.
ඒ අනුව සිසුවියන් හට පරිලෝකනය නොවූ තිළිණපත්වලට අදාළ ව මිලදී ගැනීම් සිදු කිරීම සඳහා 2024.07.11 දින සිට 2024.08.10 දින දක්වා කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන ලේකම් විසින් අනුමැතිය ලබා දුන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

