සියලු පක්ෂ නායකයින් එක්ව වැඩ කළ හැකි එකම නායකයා මම – ධම්මික පෙරේරා

සියලු පක්ෂ නායකයින් එක්ව වැඩ කළ හැකි එකම නායකයා මම – ධම්මික පෙරේරා

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් නැවත දේශපාලනයට පිවිසීමේ බලාපොරොත්තුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා.

සියලු පක්ෂ නායකයින් එක්ව වැඩ කළ හැකි එකම නායකයා තමන් බවයි ඊයේ (07) අනුරාධපුරයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු පැවසුවේ.

ටේ ආර්ථිකය වර්ධනය කිරීමේ සැලැස්මක් තමන්ට ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.

ඩි.පි. එයුකේෂන් අයි.ටි. කැම්පස් හි අධ්‍යාපනය හැදෑරු සිසුන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් අනුරාධපුර මහ නගර සභා ක්‍රීඩාංගනයේදි පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධම්මික පෙරේරාගේ ප්‍රධානත්වයෙන්.

COMMENTS