හෙට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙනවා – අධ්‍යාපන අමාත්‍යාංශය

රජයේ සියලුම පාසල් හෙට (09) සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් වෘත්තීය සමිති 200ක නියෝජිතයින් අද (08) සහ හෙට (09) අසනිප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
එමෙන්ම ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ යළිත් වරක් සියලු ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් හෙට දින මෙම වර්ජනය සඳහා සහය පළ කරන බවයි.
මෙවැනි අවස්ථාවක හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මෙසේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

