අතුරුගිරියේ ඝාතන සිද්ධිය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 10ක්

අතුරුගිරියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.
අතුරුගිරිය මංසන්ධිය ප්‍රදේශයේ ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ නමැත්තා ජීවිතක්ෂයට පත්වුණා.
අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ.

