දුම්රිය වර්ජනය ඉවරයි

දුම්රිය වර්ජනය ඉවරයි

මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර ඇති බව ලේකම් දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරු එළැඹුණු එකඟතාවලට අනුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අතහැර නැවත සේවයට වාර්තා කිරීමට වර්ජනයෙන් නිරත වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරින් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට අමාත්‍යවරයා සමිති නිලධාරින් වෙත දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

එලෙස සේවයට වාර්තා නොකරන යම්කිසි නිලධාරින් සිටිනම් ඔවුන් සම්බන්ධව නිත්‍යානුකූලව ක්‍රියාකරන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ද සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව හිටපු කතානායක කරූ ජයසූරියගේ නිල නිවසේදී පැවැත්වුණා.

COMMENTS