ඩලස්ගේ සහය සමගියට

ඩලස්ගේ සහය සමගියට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස ජනතා සභාවේ සහාය සමගි ජන බලවේගයට ලබා දීමට තීරණය කර තිබේ.

කොළඹදී ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මේ බව පැවසීය. සමගි ජන සන්ධානය ලෙස ශක්තිමත් පුළුල් බලවේගයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් මන්ත්‍රීවරයා කීවේය.

ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතා සාර්ථක බවත් ඔහු සඳහන් කළේය.

රට තුළ පුළුල් දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපය තුළ ඍජුව කටයුතු කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS