වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක් ළඟදීම

මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, “ඒ වගේම 2023 වර්ෂයේ මාර්ග රිය අනතුරු 2214ක් වාර්තා වුණා. එම මාර්ග අනතුරු ආශ්‍රිතව පුද්ගල මරණ 2321ක් සිදුව තිබෙනවා. මෙම වසරේ ද ඉකුත් මස 30 වනදා වන විට මාර්ග රිය අනතුරු 1103ක් වාර්තා වී තිබෙනවා.
එම මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 1154ක් වාර්තා වී තිබෙනවා. එම නිසා මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් ගණනාවක් අප අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.
මාර්ග ආශ්‍රිත වේග පාලනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් රුපියල් මිලියන 50ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මාර්ග ආශ්‍රිත වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට නියමිතයි.” යනුවෙන්.

