අස්වැසුම ණය යෝජනා ක්‍රමය මෙම මාසය තුළ

අස්වැසුම ණය යෝජනා ක්‍රමය මෙම මාසය තුළ

සමෘද්ධි සංවර්ධන බැංකු හරහා අස්වැසුම ණය යෝජනා ක්‍රමයක් මේ මාසය තුළ හඳුන්වාදෙන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් පවසනවා.

ඒ යටතේ ව්‍යවසායකත්වය, කෘෂිකර්මය සහ විදේශ රැකියා සඳහා විශේෂ ක්‍රමවේදයක් යටතේ ණය ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.