ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් (Video)

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් (Video)

රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක, හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඔහුව නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ආරක්ෂක අංශයන්ට හැකියාව ලැබී තිබෙනවා.

ඒ පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති ඔහු සහභාගි වූ මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර දී වන අතර, සුළු තුවාල පමණක් ලැබූ ඔහු මේ වන විට ප්‍රාදේශීය රෝහලක ප්‍රථිකාර ලබන බව‍යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහිදී එම වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන වෙඩික්කරු FBI රහස් ඔත්තු සේවයේ ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

තවද, එම රැලියට සහභාගි වූ අයෙක් මියගොස් තවත් නරඹන්නන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි රහස් ඔත්තු සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

https://shorturl.at/koeHY

COMMENTS