දීඝවාපි චෛත්‍යයේ නිධන් වස්තු තැන්පත් කිරිම ජනපති සහභාගිත්වයෙන්

ඓතිහාසික දීඝවාපි රජ මහා විහාරයේ චෙත්‍ය ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරිමේ පුණ්‍ය උත්සවය අද (14) පෙරවරුවේ පැවැත්වුණා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
සොළොස්මස්ථාන අතර ප්‍රතිසංස්කරණය කිරීමට තිබූ අවසන් චෛත්‍යය වන මෙය මෙරට විශාලතම මහා දාගැබ් අතරින් සිව්වන ස්ථානයේ ලා සැලකෙනවා.
මෙම දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ කිරීම 2020දී ආරම්භ කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීම මතයි.

