සංචාරයකට පැමිණි විදේශික තරුණ කාන්තාවක් දියේ ගිලී මරුට

සංචාරයකට පැමිණි විදේශික තරුණ කාන්තාවක් දියේ ගිලී මරුට

සංචාරයකට පැමිණි විදේශික තරුණ කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබෙනවා.

මිරිස්ස මුහුදු වෙරළේ දිය නාමින් සිටියදී ඇය දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වැලිගම පොලිසිය පැවසුවේ.

ඊයේ (13) පස්වරුවේ අදාළ අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසනවා.

දකුණු කොරියාවේ සිට මෙරට සංචාරයට පැමිණි ඇය 37 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වුණේ.

ඇය දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී වෙරළ ආරක්ෂක බළකායේ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඇය ගොඩට රැගෙනවිත් තිබුණා.

අනතුරුව මාතර රෝහලට ඇතුළත් කොට තිබුණද ඒ වන විටත් ඇය මියගොස් තිබූ බවයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේ.

වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

COMMENTS