මෙරට ආර්ථික නිදහසක් තවමත් නෑ

ශ්‍රී ලංකාව ආර්ථික නිදහස අතින් දිගින් දිගටම පහළ බසින තත්වයක් උදාවී ඇතැයි ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවකට අනුව පැහැදිලි වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ ප්‍රකාශ කළා.
ආර්ථික නිදහස ක්‍රියාත්මක නොවන්නේ නම් ආර්ථික සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමට නොහැකි බවයි ඔහු මහනුවරදී මාධ්‍ය වෙත කියා සිටියේ.
නුදුරේදීම නිකුත් වී ඇති වාර්තා අනුව ලෝකයේ රටවල් 184 කින් ශ්‍රී ලංකාව149 වැනි රට වශයෙන් හඳුන්වා දී ඇති බවත් මෙම සමීක්ෂණ කණ්ඩායම් ශ්‍රී ලංකාව කිසිදු ආර්ථික නිදහසක් නොමැති රටක් ලෙස හඳුනා ගෙන ඇති බවයි මහාචාර්යවරයා ප්‍රකාශකර සිටියේ.
වර්ෂ 2000දී 95 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 2020 වන විට 112 ,113 මට්ටමට වැටී සිටි බවත් 2023 වනවිට 149 මට්ටමට පැමිණ ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්නන බවයි මහාචාර්යවරයා සඳහන්කර සිටියේ.

