නිදහස් පක්ෂ නව සන්ධානයෙන් ජනපතිවරණයට අපේක්ෂකයෙක්

ඉදිරි සති 2 ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය ප්‍රමුඛ සන්ධානය ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පලකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමකින් සැදුම්ලත් නව සන්ධානය එක්ව සංවිධානය කරන ජන රැළි මාලාවේ 03 වැනි ජන රැළියට බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී ඊයේ එක්වෙමින් මේ බව කියා සිටියා.

