වාසුගේ පක්ෂයේ නායකකම නිරෝෂන් ප්‍රේමරත්නට

ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නව නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත්කර තිබෙනවා.
වාසුදේව නානායක්කාර විසින්ම නව නායකයා ලෙස නිරෝෂන් ප්‍රේමරත්න අද (16) දින ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් ආරම්භ කරනු ලැබූ පක්ෂයක්.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳව අවධානය යොමුකිරීම සඳහා මෙම පත්කිරීම සිදුකළ බවයි වාසුදේව මන්ත්‍රීවරයා සඳහන් කළේ.

