හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ නගරයේදී ඊයේ (16) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ පදිංචි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධම්මික නිරෝෂන් නමැත්තා බවයි වාර්තා වෙන්නේ.

වෙඩික්කරු පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති බවද සඳහන්.

අදාළ පුද්ගලයාගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ධම්මික නිරෝෂන් නම් මෙම ක්‍රීඩකයා, 2002 වසරේදී ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙක් බවද වාර්තා වෙනවා.

මියයනවිට ඔහුගේ වයස අවුරුදු 41ක් බවයි පොලිස් මාධය ප්‍රකාශක නිහල් තල්දූව සඳහන් කළේ.