ඉන්ෆ්ලුවෙන්සා හැම තැනම – පරිස්සම් වෙන්න

ඉන්ෆ්ලුවෙන්සා හැම තැනම – පරිස්සම් වෙන්න

ළමයින් අතර මේ දිනවලදී උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැඩිවී තිබෙන බව වාර්තා වනවා.

මේ අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩි වීමක් නිරීකෂණය වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඇතැම් සීතල රටවල ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා ප්‍රතිශක්තිකරණයක් ලබා දෙනවා.

එම ඖෂධ අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, ගර්භණී මාතාවන්, ශ්වසන රෝග නිදන්ගතව පවතින පුද්ගලයන්ට වශයෙනුයි ලබා දෙන්නේ.

මෙම ඖෂධ ප්‍රතිශක්තීකරණය අඩු අයට තරමක් අවධානම විය හැකි බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ.

මුඛ ආවරණයක් පැළදීමෙන් ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම වළක්වා ගත හැකි බවද රෝග ලක්ෂණ ඇති දරුවන් පාසලට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට නොයවන ලෙසයි පෙන්වා දෙන්නේ.

මෙම රෝගය පහසුවෙන්ම කෙනෙකුට බෝවිය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

රෝගය පිළිබඳ දැනගතහොත් පැරසිටමෝල් මාත්‍රාව ලබාදීම සුදුසු යැයිද ලා උණු වතුරෙන් ඇග සෝදා උණ අඩුකර ගැනීමට ක්‍රියා කිරීම සුදුසු බවයි පවසන්නේ.

මෙම රෝගී දරුවන්ට විවේකය ලබාදීම වැදගත් වන අතර ස්වභාවික දියර ආහාර ලබාදෙන ලෙස දැනුම් දෙනවා.

මෙම රෝගය වැලඳීමෙන් පසුව ළමයින්ට ටික කලක් කැස්ස පැවතිය හැකි අතර ළමා හතිය වැඩිවිය හැකි බවද පවසනවා.

COMMENTS