ජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කමිටුවක්

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් වු යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටත් යෝජනා කරමින් ජනාධිපතිවරයා මෙලෙස අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

