රනිල්ව ජනපති කරන්න ප්‍රසන්න වැඩ පටන් ගනී

රනිල්ව ජනපති කරන්න ප්‍රසන්න වැඩ පටන් ගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට ගම්පහ ජනතාව වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (21) පැවති “එක්ව ජයගමු – අපි ගම්පහ” ජන රැලියේදී යෝජනා කළා.

එහිදී මෙම යෝජනාව සහභාගී වූ සියලුම දෙනා විසින් අත් ඔසවා ඒකමතිකව අනුමත කරනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ තීරණය ඉදිරි සතියේදී රටට දැනුම් දෙනු ඇතැයි තමන් බළාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේ දී ප්‍රතිචාර ලබා දෙන බවයි.

COMMENTS