ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගෙන් රහස් ප්‍රකාශයක්

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ අද රහස් ප්‍රකාශයක් ලබාදුන්නා.
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයකදී සිදුවූ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු තවත් පුද්ගලයෙකු මියගිය අතර තවත් 4 දෙනෙකුට තුවාල සිදුවුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එම සැකකරුවන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ අද උදෑසන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා. ඒ බන්ධනාගාරයට අයත් විශේෂ බස් රථයකින්.
එහිදී ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදුන්නා.
අනතුරුව සැකකරුවන් ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කෙරුණේ.

