බිත්තර ආනයනයට යළිත් සැරසෙයි

බිත්තර ආනයනයට යළිත් සැරසෙයි

බිත්තර ආනයනය කෙරෙහි යළි අවධානය යොමුව ඇති බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි.

මෙරට බිත්තර නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම බිත්තර මිල ඉහළ අගයක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එම පියවර ගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (22) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මෙලෙස බිත්තර මිල නොවෙනස්ව ඉහළ මිලක් පවත්වාගෙන යාම සඳහා නිෂ්පාදකයින් විසින් වෙළෙඳපොළට නිකුත් කරන බිත්තර ප්‍රමාණය සීමා කිරීමට කටයුතු කරන බව සඳහන්ය.

එමෙන්ම බිත්තර නිෂ්පාදනය පාලනය කිරීම සඳහා සතුන් මස් පිණිස අලෙවි කිරීම ද සිදුකරන බව වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශය පැවසීය.

COMMENTS