ප්‍රසන්නගේ සම්මත වූ යෝජනාවට සුදුසු වෙලාවේ උත්තර දෙනවා

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේදී පිලිතුරු ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩවත දී පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේ දී ඊයේ (21)ඒකමතිකව සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයා මේ බව කීය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් දැන් රනිල් වික්‍රමසිංහ මහතාට පැන යාමට නොහැකි වනු ඇති බවයි.

