ජනපතිවරණයට තැපෑල ලෑස්තියි

ජනපතිවරණයට තැපෑල ලෑස්තියි

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ වහාම ජනාධිපතිවරණයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.

ඒ සඳහා වන සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.

තැපැල් ඡන්ද හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පිළිබඳව ද පැහැදිලි කරමින් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා කියා සිටියේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව සියලුම නිවාසවලට බෙදාහැරීම සඳහා 8,000ක සේවක පිරිසක් යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි.