ලබන වසරට පාසල් නිල ඇඳුම් චීනයෙන්

ලබන 2025 වර්ෂයට අදාල පාසල් නිල ඇදුම් චීන රජයෙන් සැපයීමේ කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තහවුරු කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
2025 වර්ෂයට අදාළ පාසල් පෙල පොත් ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම අද දිනයේ සිට ආරම්භ කරන බවයි ඇමතිවරයා පැවසුවේ.
ප්‍රධාන පෙලේ ජාතික පාසල් හැරුණු විට සෙසු සියළු පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමට රජය කටයුතු කොට ඇති බවත් ලක්ෂ 17ක සිසු දරුවන් ප්‍රමාණයක් එම ප්‍රතිලාභය ලබන බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම දකුණු කොරියාවේ කොයිකා ආයතනය මඟින් සාගර විශ්වවිද්‍යාලය වෙත ඩොලර් බිලියන 85ක් ලබාදීමට නියමිත බවද පැවසුවා.
අධ්‍යාපන ක්ෂේත්රයේ ගුරු වෘත්තීය ගැටළු ආශ්රිත කරුණු දෙකක් සඳහා විසඳුම් ලබා දීමට අප කටයුතු කරන බවයි සුසිල් ප්‍රේම ජයන්ත පවසන්නේ.
ඒ සමඟ වැටුප් වර්ධක ප්‍රමාදයකින් තොරව ලබාදීමට හැකියාව පවතින බවද පැවසුවා.
තවද තාක්ෂණයෙන් ඉහළ Smart Board 2700ක් පාසල්වලට ලබා දීමට මේ වන විට කටයුතු යොදා තිබෙන අතර රජයේ සැලසුම සමස්ත පාසල් ජාලයම ඩිජිටල්කරණය කිරීම බවයි ඇමතිවරයා පවසන්නේ.

