බිත්තර හිඟයක් නෑ – රටින් ගේන්න එපා

බිත්තර හිඟයක් නෑ – රටින් ගේන්න එපා

බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ තීරණය අනවශ්‍ය එකක් බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

දැනට රටේ බිත්තර හිගයක් නැති බවත් මිල අඩුවී ඇති බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එව්.එම්.බී.ආර් අලහකෝන් පවසන්නේ.

මාසික බිත්තර නිෂ්පාදනය ලක්ෂ 5ත් 6ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවද ඔහු පවසනවා.

කෙසේ වෙතත් ආහාර අමුද්‍රව්‍ය සහ ඖෂධ මිල ඉහළ ගොස් ඇති බවත් ආහාර අමුද්‍රව්‍ය 90%කට වඩා ආනයනය කිරීමට සිදුව තිබීම ගැටළුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර විවිධ පුද්ගලයින්ගේ ප්‍රකාශවලින් පාරිභෝගිකයින් සහ ආණ්ඩුව නොමග යන බවත් කෂේත්‍රයේ විශේෂඥයින්ගේ අදහස් පමණක් පිළිගන්නැයිද එම සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

COMMENTS