පොහොට්ටුවේ පොදු අපේක්ෂකයා දිනන කෙනා ඉදිරිපත් කරනවා

ඉදිරි ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ජය ගන්න කෙනා පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (23) පොදු ජන පෙරමුණේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.
සිය පක්ෂයෙන් ඉදිරිපත් වන්නට අපේක්ෂකයින්ගෙන් නම් කිහිපයක් යෝජනා වී ඇතත් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව හෙතෙම කියා සිටියා.
කෙසේ වෙතත් පොදු ජන පෙරමුණ දිනන තැනක සිටින බවත් තමන්ගේ හිතේ තියෙන අපේක්ෂකයා දැන්ම කීමට නොහැකි බව හෙතෙම අවධාරණය කලා.

