නුවර නගරයේ අනවසර ඉදිකිරීම් 111 ක්

මහනුවර නගර සභා බල ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් 111ක් හඳුනා ගෙන ඇති බව එම මහ නගර සභාව පවසනවා.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද ඉල්ලීමක දී මේ බව සඳහන්.
මහනුවර මහ නගර සභාවේ තොරතුරු නිලධාරි සහ ප්‍රධාන නාගරික ඉංජිනේරුවරයා විසින් ලබා දී ඇති තොරතුරු අනුවයි මේ බව වාර්තා වන්නේ.
මෙම අනවසර ඉදිකිරීම් 111 සම්බන්ධයෙන් නගර සභා ආඥාපනත සහ නාගරික සංවර්ධන අධිකාරියේ අණපනත් අනුව අවශ්‍ය පියවර ගෙන ඇති බව පැවසෙනවා.
මහනුවර නගර සභා බලප්‍රදේශයේ සිදු කරන අනවසර ඉදිකිරිම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ වැඩි කතා බහක් ඇතිව තිබූණා.
මෙම අනවසර ඉදිකිරීම් ග්‍රාම නිලධාරි මට්ටමින් ලබා දෙන ලෙස ඉල්ල සිටියත් එලෙස ලේඛණගත කර නොමැති බවද එම තොරතුරුවල සඳහන් වෙයි.

