ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම අද

ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම අද

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාමයෝජනා භාර ගැනීමේ දිනය සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය හෙට ප්‍රකාශට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, සිය කොමිසම ඊයේ පෙරවරුවේ රැස්වී මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබඳව විවිධ පුද්ගලයන් හා පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිඳු වගකීමක් නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

COMMENTS