අස්වැසුම දෙවන අදියරයේ සංගණන කටයුතු 31න් අවසන්

අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහනේ දෙවන අදියරට අදාළ සංගණන කටයුතු මේ මස 31 වනදායින් අවසන් කිරීමට නියමිතයි.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කළේ මේ සඳහා අයදුම්පත් හාරලක්ෂ 54,924ක් ලැබී ඇති බවයි.
වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින්.
සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ හතර යටතේ අස්වැසුම සුබසාධන ප්රතිලාභ ගෙවීම සිදුකරන අතර, මේ වනවිට පළමු අදියර යටතේ 18 ලක්ෂ 54,000ක් සඳහා ප්රතිලාභ හිමිවනවා.

