අගෝස්තු 20ට පෙර වන අලි සංගණනයක්

දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
අගෝස්තු 19 සහ 20 යන දිනවල එය සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ
ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත කරන ලද බහු කාර්ය නිලධාරීන් 4500 දෙනෙකු යොදවා තිබෙන අතර සංගණනය සඳහා නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවා.
අවසන් වරට මෙරට තුළ වන අලි සංගණනයක් සිදු කළේ, 2011 වසරේදී වන අතර එම වාර්තාවට අනුව මෙරට සිටි වන අලි සංඛ්‍යාව, 5878ක්..

