අනුරගේ සමුළුවට එන්න හෙදියන් රාජකාරි නිවාඩු දාලා

සමස්ත ලංකා හෙද සංගමයේ 16 වැනි ජාතික මහා සමුළුවට සහභාගි වූ හෙද නිලධාරින් ඊට සහභාගි වීම සඳහා ඊයේ (28) රාජකාරි නිවාඩු ලබා ගෙන තිබුණා.
ඒ සඳහා වන අනුමැතිය සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්යක්ෂ (පාලන) I තනතුර දරණ එම්. එල්. එම් අන්වර් අලී විසින් ලබා දී තිබුණා.
මේ අතර එම සමුළුව සඳහා සහභාහි වූ හෙද නිලධාරින් සඳහා ආයතනය සංග්‍රහයේ XXV පරිච්ඡේදයේ 2:1 උප වගන්තිය ප්‍රකාරව දුම්රිය ගමන් බලපත්‍රද නිකුත් කර තිබෙනවා.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති ලංකා හෙද සංගමයේ 16 වැනි ජාතික මහා සමුළුවට හෙද හෙදියන් සිය රාජකාරි නිල ඇඳුමෙන් පැමිණ සිටි අතර, ඊට එරෙහිව මේ වන විට විවිධ පාර්ශ්ව විසින් මැතිවරණ කොමිසම වෙත පැමිණිලි ද ඉදිරිපත් කර තිබෙනවා.

