පාන් මිල ප්‍රදර්ශනය අනිවාර්යයි – පාලන මිලකුත් එන ලකුණු

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු වීමත් සමග අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පාරිභෝගික අධිකාරිය පවසනවා.
එහි වැටලීම් අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ ප්‍රකාශ කළේ වෙළෙඳපොළේ, පවතින අඩු බර පාන් අලෙවි කරන වෙළන්දන් සම්බන්ධයෙන් ද දැනුවත් කරන ලෙසයි.
මේ අතර, පාරිභෝගික පෙරමුණේ සභාපති එන්. පී. කේ. වනිගසිංහ ප්‍රකාශ කළේ පාන් සඳහා පාලන මිලක් පැනවීම අත්‍යවශ්‍ය බවයි.
කෙසේ වෙතත්, මේ වනවිට ගෑස්, විදුලිය සහ අමුද්‍රව්‍ය මිල සැළකිය යුතු ලෙස පහත වැටී ඇති පසුබිමක රුපියල් 10කින් පාන් මිල අඩු කළ ද තවමත් පාන් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 140ක මිලකට බව ජනතාව පෙන්වා දෙනවා.

