මාස 6ට ලිංගික අතවර කිරීමේ පැමිණිලි 290ක් – වැඩිම කොළඹින්

මාස 6ට ලිංගික අතවර කිරීමේ පැමිණිලි 290ක් – වැඩිම කොළඹින්

වසරේ ගත වූ මාස හයක කාලය තුළ ලිංගික අතවර කිරීමේ පැමිණිලි 290ක් ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා.

ඉන් වැඩි ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති බවයි, එම අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා ප්‍රකාශ කළේ.

ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ද වැඩි පැමිණිලි ප්‍රමාණයක් ලැබෙන බවයි වාර්තා වන්නේ.

මසකට මෙවැනි පැමිණිලි ගණනාවක් ලැබෙන බවයි, සභාපතිවරයා කියා සිටියේ.

COMMENTS