තවම තීරණයක් නෑ – පාඨලී

තවම තීරණයක් නෑ – පාඨලී

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව තවම තීරණය කර නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය. පක්ෂයේ තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බවද හෙතෙම කීය.

රාජපක්ෂලාගේ ආශිර්වාදය සමඟ යන කිසිදු අපේක්ෂකයකුට තම සහයෝගය නොදෙන බවද රණවක මහතා අවධාරණය කළේය.

කඩුවෙල වඳුරඹමුල්ල බුරුම විහාරස්ථානයේ පැවති එක්සත් එක්සත් ජනරජ පෙරමුණේ ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය .

COMMENTS