නාගරික සංවර්ධන සැළසුම් අනුමත කිරීමේ දී අවශ්‍ය අනුමැතිය

නාගරික සංවර්ධන සැළසුම් අනුමත කිරීමේ දී අවශ්‍ය අනුමැතිය

නාගරික සංවර්ධන සැළසුම් අනුමත කිරීමේ දී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

ජනතාවට ඵලදායී ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම උදෙසා එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

නාගරික සංවර්ධන හා නිවාස ආමාත්‍යංශයේ උපදේශක කාරක සභා රැස්වීම අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

කොලොන්නාව නගර සභාවේ කැළිකසල කෙරවලපිටියට යැවීම සදහා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙහිදී ඉල්ලීමක් කළා.

ඒ සම්බන්ධයෙන් අවදානය යොමුකර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. තවත් ව්‍යාපෘති කීපයක් සම්බන්ධයෙන් උපදේශක කාරක සභාවේ අවදානය යොමුවුණා.

රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා.

COMMENTS