එංගලන්ත පුහුණුකරු තනතුරට සංගක්කාර ?

එංගලන්ත පුහුණුකරු තනතුරට සංගක්කාර ?

එංගලන්ත එක්දින සහ 20යි 20 කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මැතිව් මොට් එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

2022 වසරේ මැයි මාසයේදී ඔහු වර්ෂ 4ක කොන්ත්‍රාත්තුවකට අත්සන් කරමින් එංගලන්ත එක්දින පුහුණුකරු තනතුර භාරගත්තේය.

විශේෂයෙන් ඕවර 50 තරගවලදී එංගලන්ත කණ්ඩායම අසාර්ථක වීම ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුවන්නට ඇතැයි සැලකෙයි.

එබැවින් එළැඹෙන ඔස්ට්‍රේලියානු තරගාවලිය සඳහා වැඩබලන පුහුණුකරු ලෙස මාකස් ත්‍රෙස්කොතික් පත්කර තිබේ.

20යි 20 තරග තුනකට සහ එක්දින ජාත්‍යන්තර තරග 5කට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතය.

එම තනතුර සඳහා පූර්ණ කාලින පුහුණුකරුවෙක් සොයා ගැනීමට කටයුතු කරන බව එංගලන්ත ක්‍රිකට් බලධාරීන් පවසයි.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ගේ නමද එම පුහුණුකරු තනතුර සඳහා සුදුසු බවට කියවෙන බවයි.

COMMENTS