තරුෂිට අටවැනි තැන – අදත් අවස්ථාවක්

තරුෂිට අටවැනි තැන – අදත් අවස්ථාවක්

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට ඊයේ (02) ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහභාගී වුනා. එහිදී ඇය අට වෙනි ස්ථානයට පත් වුණා.

එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 07යි දශම 76ක්. (2:07:76)

කෙසේ නමුත් තරුෂි කරුණාරත්නට අද (03) දිනයේ නැවත වතාවක් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා තරග කිරීමට අවස්ථාවක් ලැබෙනවා. 

එය පළමු වටයේ දී අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් නොලැබු අය වෙනුවෙන් පැවැත්වෙන තරගයක්.