සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කෙරේ

මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළේය.
ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සර්වජන බලය එකමුතුවේ සර්වජන සමුළුවේ දීය.
සර්වජන බලය විධායක සභාව විසින් දිලිත් ජයවීර මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහිදී සඳහන් කළේය.

