පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල් ද ?

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නයි නාමල් රාජපක්ෂගෙන් පාක්ෂිකයන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අද (4) හොරණ පැවති පොදුජන එක්සත් පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් එක්ව සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී.
මාධ්‍ය සාකච්ඡාව අවසානයේ ඊට එක්ව තිබූ පාක්ෂිකයින් විසින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.
රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට හැකි එකම නායකයා නාමල් රාජපක්ෂ බවටයි එම පාක්ෂිකයින් පවසා ඇත්තේ.

