මැතිවරණ පැමිණිලි ගැන කියන්න අංක 2ක්

මැතිවරණ පැමිණිලි ගැන කියන්න අංක 2ක්

රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරණයේදී සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කීරීම සදහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ වැඩපිලිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව 0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට එම පැමිණිලි පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි එම කොමිෂන් සභාව සදහන් කළේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා පොලිස් නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින්ට මාර්ගෝපදේශ මාලාවක්ද පසුගියදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කළා.