තරුෂිගේ ක්‍රීඩා ඇඳුම ඔලිම්පික් කෞතුකාගාරයට

තරුෂිගේ ක්‍රීඩා ඇඳුම ඔලිම්පික් කෞතුකාගාරයට

මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙයට දින කිහිපයකට පෙර පැරිස් ඔලිම්පික් උලෙළේ දී තරඟ කිරීමට යොදාගත් ඇඳුම් කට්ටලය ජගත් ඔලිම්පික් කමිටුවේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට ඉල්ලා තිබෙනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් වැඩසටහන් ජ්‍යේෂ්ඨ කළමනාකාරිණී ඈන් ජකාඩ් මහත්මිය විසින් මෙම ඉල්ලීම කර ඇති බව සඳහන්.

මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියේ කාන්තා මීටර 800 ඉසව්වට ආසියාව නියෝජනය කළ ලාබාලතම ක්‍රීඩකාව ලෙස ලැබුණු ගෞරවය උදෙසා IOC ක්‍රීඩක කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට මෙම ඇඳුම් කට්ටලය භාර දී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ ක්‍රීඩකයෙකුගේ ඇදුම් කට්ටලයක් ලූසෑන් හි IOC කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබීම විශේෂත්වයක්.