චමරිගේ වගකීම අනුෂ්කාට

ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අද (06) රාත්රියේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බලා පිටත් වීමට නියමිතයි.
ඒ, අයර්ලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම සහ ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින පන්දුවාර 20 ක්රිකට් තරඟාවලියට සහබාගී වීම සඳහායි.
Women’s Hundred තරඟාවලිය සඳහා නායිකා චමරි අතපත්තු සහභාගී වීම හේතුවෙන් මෙම තරඟ සංචාරයට ඇය එක්වන්නේ නැහැ.
චමරි අතපත්තු වෙනුවට කණ්ඩායමට කෞෂිනි කැඳවා ඇති අතර මෙම තරඟාවලියේ දී කාන්තා ක්රිකට් නායිකාව ලෙස අනුෂ්කා සංජීවනී පත්කර තිබෙනවා.
ශ්රී ලංකාව සහ අයර්ලන්තය අතර පළමුව තරඟ 02කින් සමන්විත පන්දුවාර 20 තරඟාවලියක් පැවැත්වෙන අතර පළමු තරඟය ලබන අගෝස්තු 11වනදා ආරම්භ වෙනවා.
අගෝස්තු 16වෙනිදා එක්දින තරඟාවලිය ඇරඹීමට නියමිතව ඇත්තේ බෙල්ෆාස්ට් හීදී.

