රනිල්ට රට හදන්න යන්න වෙලා තියෙන්නේ හොරු රැලක් එක්ක

රනිල්ට රට හදන්න යන්න වෙලා තියෙන්නේ හොරු රැලක් එක්ක

ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට හදන්න යන්න වෙලා තියෙන්නේ හොරු රැලක් එක්ක බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා.

පොදුජන පෙරමුණේ පිරිස රනිල් වික්‍රමසිංහ ළඟට ගිහාම එයා හිතන්නේ 77 දී ජේ.ආර්.ළඟ හිටපු අය එයා ලග ඉන්නවා යැයි සිතන බව තිස්ස අත්තනායක පවසා සිටියා.

එමෙන්ම මේ රට බංකොලොත් වුණේ පොහොට්ටු අය නිසා බවත් එහෙම අයත් එක්ක මේ රට ගොඩගන්න පුළුවන්ද යැයි ඔහු මෙහිදී ප්‍රශ්ණ කර සිටියා.

එදා රාජපක්ෂලාත් එක්ක ගිය අය අද රනිල් එක්ක රට හදන්න යන බව තිස්ස අත්තනායක වැඩිදුරටත් කියා සිටියා.

COMMENTS