කොළඹ වරායේ නැවක ගින්නක්

කොළඹ වරායේ නැවක ගින්නක්

අද (11) උදෑසන කොළඹ වරායේ JCT 4 ජැටියේ නැංගුරම් දමා තිබූ නැවක හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා.

වරායේ ගිනි නිවන අංශය විසින් එම ගින්න සාර්ථකව මැඩ පවත්තා ඇති අතර මේ වනවිට සම්පූර්ණයෙන්ම ගින්න නිවා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවාහි නෞකා සමාගමට අයත් මෙම MSC Captown නෞකාව සිංගප්පූරු වරායේ සිට කොළඹ වරායට පැමිණි අතර බහාලුම් 995 ක් ගොඩබෑමට සහ බහාලුම් 880 ක් පටවා ගැනීමට නියමිතව තිබූ බවයි වරාය අධිකාරිය පවසන්නේ.

මෙම සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

COMMENTS